Login

රණවිරු ප්‍රණාමය

Artist Umara Sinhawansa
Title රණවිරු ප්‍රණාමය
Release Date Friday, September 17, 2021
Genre Pop > Indian Pop
Copyright © Umara Music
Country SRI LANKA

Promotion Text

රණවිරු ප්‍රණාමය (Ranaviru Pranamaya)

ගායනය : උමාරා සිංහවංශ
පද රචනය සහ තනු නිර්මානය- අයේෂා සිංහවන්ස
සංගිත මුල් නිර්මාණය : ටෝනි සිංහවංශ සහ අයේෂා සිංහවංශ
නව සංගීත අධ්‍යක්ෂණය: චමිත කුරේ @sarigama music
සංගීත සංයෝජනය : මහේශ් කන්කනිගෙ

පද රචනය

කොහේදෝ - කොහෙහෝ ඔබ තනින්දෝ
කොහේදෝ - කොහෙහෝ ඔබ තනින්දෝ
පෙම්වතියන් ඇති දුදරුවන් ඇති-මවුපිය බිරිඳන් දිගුකල් දැක නැති
කොහේදෝ ඔබ තනින්දෝ - කොහේදෝ ...

අප නොම විදිනා දුක් ගැහැටය ඔබ
අප නොම දකිනා ලේ කදුලය ඔබ
මොහොතක දිලෙනා මිණි පහනය ඔබ
මොහොතින් නිවෙනා ගිනි දැල්ලය ඔබ
යුධබිය මරබිය මටමෙන් ඔබටත්
නැතිදෝ - කොහෙහෝ ඔබ තනින්දෝ ...

නිදි ආවර්ජිත විඩා දෙනෙත ඔබ
රට දැය රකිනා අප සම්පත ඔබ
කුරිරු ලොවේ අති උතුමන් වේ ඔබ
සාමයේ නාමෙන් දිවිපුදනා ඔබ
සතුරන් පරදන නිදහසේ ධාතම
ලගදෝ-කොහෙහෝ ඔබ තනින්දෝ ...

විරභවේ නිසි සංකේතය ඔබ
අප රකිනා මහ මිනිස් බලය ඔබ
රතු පලසක් මත පා වඩනා ඔබ
සදා සුවෙන් සැරදේ රණවිරු ඔබ
යුධබිම වියරුය සැරදේවා ඔබ
රණවිරුවරුනේ මගේ ප්‍රණාමය.

කොහේදෝ ...

Management / Booking

Get in contact