Get every week all new releases

Danena Thuru Maa

Artist Dinesh Gamage Ft Kanchana Anuradhi
Title Danena Thuru Maa
Release Date Sunday, March 1, 2020
Genre Pop > Indian Pop
Copyright © Danena Thuru Maa (Dinesh Gamage Ft Kanchana Anuradhi)
Country SRI LANKA

Promotion Text

Danena Thuru Maa

දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්
මියෙනා දිනයේ කඳුලක රස විඳිමින්
නුඹගේ පහසේ රහසක් උනු මාගේ
නොලියූ කවියේ පද එකිනෙක බිඳුනේ

දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා
කවුරුන්දෝ කියලා ඇසුවා
අපගේ වරදේ ගැඹුරක් දැනෙනා දවසේ මොහොතක් මන් සිතුවා

නිල් පාටින් හැඩ මේ අහස
ආදරේ දුක වින්දාද
මා ගාවින් උන් ඒ හීන
පාවෙලා යනවා දුර ඈත

නැවත හමු නොවෙන සංසාර ගීයේ හිතක තනි මකනවා
අපගෙ ප්‍රේමයට පසු වදන ලිව්වේ කවුදෝ අපි සොයනවා.

දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්..

වෙන් වී යන බව දැන දැනම
තාම හිත ඉල්ලන ඔය දෑත
අහස ගුගුරා කිව් ඒ පුවත තේරුනා මටනම් කල් ඇතිව..

නැවත හමු නොවෙන සංසාර ගීයේ හිතක තනි මකනවා
අපගෙ ප්‍රේමයට පසු වදන ලිව්වේ කවුදෝ අපි සොයනවා.

දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්..

Pictures

Promotion Pictures

Management / Booking

Get in contact

Videos